නවදිල්ලියේ අැති වී තිබෙන වායූ දූෂණය ටෙස්ට් තරගයටත් බාධා කරයි

Share

ශ්‍රී ලංකා පිල සහ ඉන්දීය පිල අතර ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැත්වෙන තුන්වැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වූ ඊයේ (03) දහවල් නගරයේ වායු දූෂණය හදිසියේම ඉහළ නැගීම හේතුවෙන් අවස්ථා දෙකකදී තාවකාලිකව නතර කිරීමට තරග විනිසුරුවන්ට සිදුවිය.

දිවා ආහාරයෙන් පසු ශ්‍රී ලංකා ක්‍රීඩකයන් පන්දු රැකීමට පැමිණියේ මුහුණු ආවරණවලින් නාස සහ මුඛ වසාගෙනය.  ක්‍රීඩාංගණය පෙනෙන තෙක් මානයේ ඇතිවන වායු දූෂණය මත තරගය දෙවරක්ම නතර කෙරුණි. මෙය තදින්ම බලපෑවේ වේගපන්දු යවන්නන්ට ය. ළහිරු ගමගේට සහ සුරංග ලක්මාල්ට පිටියෙන් ඉවත්වීමට ද සිදුවිණි. ශ්‍රී ලංකා කණ්ඩායමට පිටියට ක්‍රීඩකයන් එකොළොස් දෙනා එවීමට නොහැකිවීමෙන් ක්‍රීඩා කළේ ක්‍රීඩකයන් දස දෙනෙකුගෙනි.

නවදිල්ලියේ පැවැත්වෙන ශ්‍රී ලංකා-ඉන්දියා තුන්වන හා පස්දින ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ඉන්දියාව මුල් ඉනිමේදී කඩුලු 07ක ට ලබාගත් ලකුණු 536ට පිළිතුරු ලෙස දෙවන දින (03) තරගය නිම වනවිට ශ්‍රී ලංකාව මුල් ඉනිම සඳහා කඩුලු තුනකට ලකුණු 131ක් ලබා ඉන්දීය මුල් ඉනිමට වඩා ලකුණු 405ක් පිටුපසින් සිටියේය. නැවත වතාවක් දෙවන ඉනිමේදී පන්දුවට පහරදීමට නොයාමට ශ්‍රී ලංකාව මුල් ඉනිමේදී තවත් ලකුණු 205ක් රැස් කළ යුතු වේ.

ඉන්දීය නායක, විරාට් කෝලි ගිය වසරේ (2016) ජුලි මාසයේ සිට මේ දක්වා ද්විත්ව ශතක හයක් ලබා, එලෙස ද්විත්ව ශතක ඉක්මනින්ම ලැබූ පිතිකරුවා බවට ලෝක වාර්තා පොතට එක්විය.

 

Read more

Local News