ජනපති ප්‍රධානත්වයෙන් උදුවප් පුර පසළොස්වක පොහෝ දින වැඩසටහන

Share

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ සහභාගීත්වයෙන් සදහම් යාත‍්‍රා ධර්ම දේශනා මාලාවේ උදුවප් පුර පසළොස්වක පොහෝ දින වැඩසටහන ඊයේ (03) පෙරවරුවේ බම්බලපිටිය සිරි වජිරාරාම විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්විණි.

විහාරස්ථානය වෙත පැමිණි ජනාධිපතිවරයා ආගමික වතාවත්වල නිරතවීමෙන් අනතුරුව විහාරාධිපති අමරපුර ධර්මරක්ෂිත මහා නිකායේ මහානායක, ශාස්ත‍්‍රපති රාජකීය පණ්ඩිත පූජ්‍ය ති‍්‍රකුණාමලයේ ආනන්ද ස්වාමීන් වහන්සේ බැහැදැක, උන් වහන්සේට පිරිකර පූජා කොට ආශිර්වාද ලබා ගත්තේය.

සිරි වජිරාරාම දහම් පාසලේ නියෝජ්‍ය ප‍්‍රධාන ආචාර්ය, ගෞරව ශාස්ත‍්‍රවේදී පූජ්‍ය මීගොඩ සුඛිත ස්වාමීන් වහන්සේ මෙවර ධර්ම දේශකයාණන් වහන්සේ වූ අතර ධර්මය ශ‍්‍රවණය කිරීමට ද ජනාධිපතිවරයා එක්විය.

විහාරස්ථානයේ අභිනවයෙන් ස්ථාපිත කර තිබූ සූර්යබල පද්ධතිය ද විවෘත කෙරුණේ ජනාධිපතිවරයා අතිනි. මෙම පුණ්‍යෝත්සවයට එක්ව සිටි සැදැහැවතුන් සමඟ ද ජනාධිපතිවරයා සුහද කතාබහක නිරත විය.

Read more

Local News