සබීතා අද ජනපති කොමිසමේ පොලිස් ඒකකයට

Share

කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන යන බත්තරමුල්ලේ පිහිටි පෞද්ගලික ගොඩනැඟිල්ල පිළිබඳව ලැබී ඇති පැමිණිල්ලට අදාලව ප්‍රකාශයක් ලබාදීම සඳහා ප්‍රවීන රංගන ශිල්පිනී සබිතා පෙරේරා මහත්මියට ද ජනාධිපති කොමිසම් සභාවේ පොලිස් ඒකකය වෙත අද දිනයේ පැමිණෙන ලෙස දැනුම්දී ඇත.

අදාල ගොඩනැගිල්ල  කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහා රුපියල් මිලියන 21ක මාසික කුලියකට ලබා ගන්නා අවස්ථාවේදී අයිතිකාර පාර්ශවය වෙනුවෙන් අත්සන් තැබූ අයෙක් ලෙසට සබිතා පෙරේරා මහත්මියගෙන් කොමිසම් සභාව ප්‍රකාශයක් ලබා ගැනිමට නියමිතයි.

ඊට අමතරව අදාල පැමිණිල්ල සම්බන්ධයෙන් තක්සේරු දෙපාර්තමේන්තුවේ ප්‍රධාන තක්සේරුකරුට ද අද දිනයේ කොමිසම් සභාව හමුවේ පෙනී සිටින ලෙස දැනුම්දී ඇති බව වාර්තා වෙයි.

 

Read more

Local News