පොලිස්පති පූජිත් සහ හේමසිරි අදත් කොළඹ මහාධිකරණය හමුවට

Share

අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරුන් කොළඹ මහාධිකරණය හමුවට පැමිණ තිබේ.

පාස්කු ඉරුදින ප්‍රහාර මාලාවට අදාල බුද්ධි තොරතුරු වසන් කිරිමේ චෝදනාවට අදාලව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ පොලිස්පතිවරයා ඇප මත මුදා හරිමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ලබාදුන් නියෝගය බල රහිත කරන ලෙස ඉල්ලා නීතිපතිවරයා ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සම අද(01) කොළඹ මහාධිකරණය හමුවේ කැඳවීම හේතුවෙනි.

නීතිපතිවරයා විසින් ගොනුකර ඇති මෙම ප්‍රතිශෝධන පෙත්සම පසුගිය මස 23 වනදා කැඳවූ අවස්ථාවේ කරුණු තහවුරු කිරිම සඳහා එය අද දිනයේ කැඳවීමට මහාධිකරණය තීරණය කළේය.

Read more

Local News