මොණරාගලට තවදුරටත් ජල සැපයුම අත්හිටුවයි

Share

මොණරාගල නගරය හා ඒ අවට ප්‍රදේශවලට තවදුරටත් ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජලසම්පාදන හා ජලපවහාන මණ්ඩලය පවසයි.

මොණරාගල කුඹුක්කන්ඔය ජලාශයට ඉන්ධන හා ග්‍රීස් ඇතුළු අපද්‍රව්‍ය බැහැරවීම හේතුවෙන් ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බවයි ජාතික ජලසම්පාදන හා ජලපවහාන මණ්ඩලය පවසන්නේ.

ඒ අනුව හෙට(03) දිනය දක්වා එම ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බව ජලසම්පාදන මණ්ඩලය මණ්ඩලය පවසයි.

විදුලිබල මණ්ඩලයේ ඇල්බීසියාව වාෂ්ප විදුලි බලගාරයෙන් මොණරාගල කුඹක්කන්ඔය ජලාශයට තෙල් හා ග්‍රිස් ඇතුළු අපද්‍රව්‍ය බැහැර වීම හේතුවෙන් පසුගිය 30 වනදා පස්වරුවේ සිට සිට මොණරාගල නගරය හා ඒ අවට ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ලැබුවේය.

Read more

Local News