බගවන්තලාවේ කම්කරු පිරිසකට බඹර ප්‍රහාරයක්

Share

එළවළු කොටුවේ වැඩ කරමින් සිටි කම්කරුවන් පිරිසකට එල්ල වු බඹර ප්‍රහාරයෙන් තුවාල ලැබු කම්කරුවන් හත් දෙනෙකු බගවන්තලාව ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කර ඇති බව බගවන්තලාව පොලිසිය පැවසිය.

බගවන්තලාව පොලිස් වසමට අයත් පෙට්රොසො වතු යායේ පෞද්ගලික ගොවිපලක වැඩ කරමින් සිටි කම්කරුවන්ට අද(02) පස්වරු 2.00 ට පමණ මෙම බඹර ප්‍රහාරය එල්ල වි ඇති බවයි බගවන්තලාව පොලිසිය පැවසුවේ.

එළවළු කොටුව අසල තිබු විශාල ගසක බැද තිබු බඹර කුඩුවක වද කැඩිම සඳහා උකුස්සෙකු පහර දිම හේතුවෙන් ඇවිස්සුනු බඹරුන් එළවළු කොටුවේ වැඩ කරමින් සිටි කම්කරුවන් හය දෙනෙකුට සහ එක් කම්කරු කාන්තාවකට පහර දි තුවාල සිදු කර ඇත.

බඹර ප්‍රහාරයෙන් තුවාල ලැබු හත් දෙනාම බගවනත්ලාව ප්‍රාදේශිය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන අතර බඹර ප්‍රහාරය සම්බන්ධයෙන් බගවන්තලාව පොලිසිය පරික්ෂණ පවත්වයි.

Read more

Local News