සජිත්ගේ ලොකුම සුදුසුකම මෙන්න

Share

අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා වසර 20ක් පාර්ලිමේන්තු සාමාජිකයෙකුව කටයුතු කර තිබීම ජනාධිපති අපේක්ෂකයා වීමට ඔහු ලද ලොකුම සුදුසුකම බව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ විශ්ව විද්‍යාලයකින් ලබාගන්නා උපාධියකට වඩා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ලබාගන්නා අත්දැකීම් වඩාත් වටිනා බවයි.

සජිත් ප්‍රේමදාස මහතාට එංගලන්තයේ ලන්ඩන් ස්කූල් ඔෆ් ඉකොනොමික්ස් විශ්ව විද්‍යාලයෙන් උපාධියක් ලබා ඇති බවත් ඒ සියල්ලටම වඩා ඔහු පාර්ලිමේන්තුවේ වසර 20ක් සිටි සාමාජිකයෙකු ලෙස සිටීම වැදගත්ම සුදුසුකම බවත් ඒ මහතා පවසයි.

“අපි පාර්ලිමේන්තුවෙන් ලබා ගත් දැනුම විශ්ව විද්‍යාලයකින් ලබා ගන්න බෑ.

ආවාට ගියාට කට්ටිය තෝරගන්න බෑත කෘත්‍යාධිකාරි මණ්ඩලය රැස්වෙලා හොඳ කෙනෙක් තෝර ගනියි.” යනුවෙන් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

Read more

Local News