ඇසළ මංගල්‍යයේ පළමු කුඹල් පෙරහැර අද වීදි සංචාරය කරයි

Share

මහනුවර ඓෙතිහාසික ඇසළ මංගල්‍යය ආරම්භ කරමින් පළමු කුඹල් පෙරහැර අද (05) රාත්‍රි වීදි සංචාරය කිරිමට නියමිතයි.

අද දිනයේ සිට දින 05ක් පුරා කුඹල් පෙරහැර වීදි සංචාරය කෙරෙනු ඇති.

පළමු කුඹල් පෙරහැර අද රාත්‍රි 07.02ට යෙදී ඇති සුබ මොහොතින් ගමන් ආරම්භ කිරීමට නියමිතයි.

පෙරහැර මංගල්‍යය පිළිබඳ අදහස් දක්වන මහනුවර ශ්‍රි දළඳා මාලිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පසුවේ ජනාධිපතිවරයාගේ ආරක්ෂක ලේකම්වරයාගේ හා අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මහජන ආරක්ෂාව උදෙසා විශේෂ ආරක්ෂක සැළැස්මක් ක්‍රියාත්මක කර ඇති බවය.

කිසිදු බියකින් සැකයකින් තොරව පෙරහැර නැරඹීමට පැමිණෙන ලෙසත් දෑල බණ්ඩාර මහතා ජනතාවට දන්වා සිටියි.

මේ අතර ඇසළ පෙරහැර මංගල්‍යය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට ආරක්ෂක අංශ පියවර ගෙන තිබේ.

මේ සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් ඊයේ (04) දළඳා මාලිගා පරිශ්‍රයේ පැවති අතර ඊට එක්වෙමින් අදහස් දැක්වු ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජනරාල් ශාන්ත කෝට්ටෙගොඩ මහතා, ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලය, මෙරටට පැමිණෙන අමෙරිකානු සංචාරකයන් වෙත  පසුගියදා නිකුත් කළ අවදානම් නිවේදනය පිළිබදව ද මාධ්‍යයට අදහස් පළ කළේය.

Read more

Local News