තැන් දෙකකදී හෙරොයින් සමඟ 2ක් අත්අඩංගුවට

Share

රාගම, මඟුල් පොකුණ ප්‍රදේශයේ දී හෙරොයින් ග්‍රෑම් 03යි මිලිග්‍රෑම් 290ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

බස්නාහිර උතුර දිසා අපරාධ කොට්ඨාස නිළධාරීන් විසින් සිදුකළ වැටලීමකට අනුව ඔහු අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් සැකකරු 31 හැවිරිදි මඟුල් පොකුණ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව සඳහන්.

මේ අතර හෙරොයින් ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 10ක් සමඟ 42 හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇති බවද පොලිසිය පවසයි.

ග්‍රෑන්ඩ්පාස්, ස්ටෙස් පාර ප්‍රදේශයේදී කොළඹ අපරාධ කොට්ඨාශ නිළධාරීන් සිදුකළ වැටලීමකදී අදාළ කාන්තාව අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේය.

Read more

Local News