ජනපති අපේක්ෂකයින් නම් කිරීමෙන් පසු අපේ තීරණය ගන්නවා

Share

ජනාධිපතිවරණය සඳහා ප්‍රධාන දේශපාලන පක්ෂ සිය අපේක්ෂකයින් නම් කිරීමෙන් පසුව එම අපේක්ෂකයින්ගේ ජයග්‍රහණය කිරීමේ ශක්තිය, සහ ඔවුන්ගේ ප්‍රතිපත්ති ගැන සලකා බැලීමෙන් අනතුරුව තම පක්ෂය සහාය දෙන අපේක්ෂකයා පිළිබඳව තීරණයක් ගන්නා බව ශ්‍රී ලංකා මුස්ලිම් කෝන්ග්‍රසයේ නායක ජල සම්පත් ජලාපවාහන සහ නාගරික සංවර්ධන සහ උසස් අධ්‍යාපන අමාත්‍ය රවුෆ් හකීම් මහතා පවසයි.

ඊයේ ( 04) සවස මහනුවරදී පැවැති මාධ්‍ය හමුවකදී  අදහස් දක්වමින් ඒ මහතා එසේ කීය.

මුස්ලිම් අපේක්ෂකයෙකු වෙනමම ඉදිරිපත් කිරීම සඳහා පවතින ඉඩකඩ ඉතාම අඩු බව ප්‍රකාශ කළ  අමාත්‍යවරයා තව දුරටත් සඳහන් කළේ ප්‍රධාන පක්ෂ දෙක ගන්නා තීරණ මත එය රඳා පවතින බවයි.

මෙහිදී තව දුරටත් අදහස් දැක්වූ අමාත්‍ය රවුෆ් හකීම් මහතා,

“එක්සත් ජාතික පෙරමුණේ ප්‍රතිපත්ති ඉදිරියට ගෙනයා යුතුයි කියන මතයේ සිටියත් ජනාධිපතිවරණය කියන්නේ පුද්ගලිකව නායකයෙක් තෝරා පත් කර ගැනීමේ මැතිවරණයක්.

එහෙම වුනහම ඒ අපේක්ෂකයා පිළිබව ඒ අපේක්ෂකයාගේ ආකල්ප පිළිබඳව අපේක්ෂකායගේ දර්ශන පිළිබඳව අපි දැන ගත යුතුයි.

ඒ නිසා අපේක්ෂකයා ඉක්මනින් එළි දැක්වීම ඉතා අවශ්‍ය කාරණයක් ලෙස අප දකිනවා.

ඒ පිළිබඳ තීරණය ඉතා ඉක්මනින් ලැබෙයි කියා අපි බලාපොරොත්තු  වෙනවා.

සුළු ජාතින් වශයෙන් ප්‍රධාන පක්ෂවල අපේක්ෂකයින්ගේ ප්‍රතිපත්ති සහ ජයග්‍රහණය කිරීමේ ශක්තීන් පිළිබඳව අප දැන ගත යුතුයි.

ඒවගේම ජාත්‍යන්තර වශයෙන් ලබා  ගත හැකි  සහයෝගය, රටේ ආර්ථිකය ගොඩ නැගීමේ හැකියාව, රටේ ස්වාධීනත්වය ආරක්ෂා කර ගැනිමේ හැකියාව  ඇතුළු සියල්ල සැලකිය යුතු වෙනවා කෙටියෙන්ම කිවහොත් මුළු රටේම සංකේතයක් ලෙස මේ රටේ ජනාධිපති ධූරය ජාත්‍යන්තර වශයෙන් වැදගත් වෙනවා.

ඒ නිසා සාමාන්‍ය මැතිවරණයකට යොමු කරන අවධානයට වඩා වැඩි අවධානයක් ජනාධිපතිවරණ අපේක්ෂකයා කෙරෙහි යොමුකළ  යුතුයියැයි”

Read more

Local News