අලුතින් පත්වන නායකයා සතු වගකීම මෙන්න

Share

ඉදිරි ජනාධිපතිවරණයේ දි රටට ගැළපෙන නායකයෙක් තෝරාගැනිමට ජනතාව කටයුතු කළ යුතු බව ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් පවසයි.
උන්වහන්සේ ඒ බව සඳහන් කළේ හෝමාගම ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අඳහස් දක්වමින්.

රටේ රාජ්‍ය නායකත්වයට ඉදිරියේ දී පත්වන්නේ කවුරුන්ද යන්න පිළිබඳ ජනතාවට හොඳ අවබෝධයකින් කටයුතු කළ හැකි බවද පැවසු උන්වහන්සේ සියලු අත්දැකීම් යටතේ හොඳ නායකත්වයක් තෝරා ගැනීමට ජනතාවට හැකියාව ලැබෙනු ඇතැයි දැඩි විශ්වාසයක් ඇති බවද පැවසීය.

නමුත් කවුරු හෝ එම නායකත්වයට ඉදිරිපත් වන්නේ නම් බෞද්ධ ජනතාව වෙනුවෙන් යම් කොන්දේසි ප්‍රමාණයක් ඉදිරිපත් කර ඇතැයි ද පැවසු සෝභිත හිමි, සියලු ආගම්වලට සතුටින් ජිවත් විමේ පරිසරයක් නිර්මාණය කිරීමේ වගකීම අලුතින් පත්වන නායකයා සතු වගකීමක් බවද කියා සිටියේය.

Read more

Local News