පරංගි ආවට පස්සේ මොකද වුනේ ?

Share

තමන්ගේ නිෂ්පාදනය ස්ථාවර හොඳ මිලකට අළෙවි කරගත හැකි විශ්වාසය, ආර්ථිකයක ඉදිරි ගමන බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

නව ආදායම් මාර්ග සඳහා පිවිසිය හැක්කේද එම ක්‍රියාවලිය හරහා බවද මන්ත්‍රීවරයා පවසයි.

සමස්ත ලංකා ගොවි අයිතීන් සුරැකීමේ සංවිධානය මගින් ඇඹිලිපිටිය ඩී. .ඒ.රාජපක්ෂ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැති ගොවි සමලුවට සහභාගී වෙමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පල කරන ලදී.

සමස්ත ලංකාගොවි අයිතීන් සුරුකීමේ සංවිධානයේ ජාතික සංවිධායක ගයාන් මේනක දිසානායක මහතා සහ ගොවි සංවිධාන එක්ව මෙම සමුළුව සූදානම් කර තිබිණි.

පසුගිය ආණ්ඩුව මහින් සිදු කළ නිවැරදී ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම කපා දැමීම පමනක් වත්මන් ආණ්ඩුව විසින් සිදු කළ බවද මන්ත්‍රීවරයා චෝදනා කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා,

“ස්ථාවර හොද මිලකට තමන්ගේ නිෂ්පාදනය අලවිකර ගත හැකි විශ්වාසය තමයි ආර්ථිකයක ඉදිරි ගමන.

ඒතුලින් තමයි අලුත් ආධායම් මාර්ග වලට තව තව පිවිසෙන්නට පුලුවන් කම එන්නේ.මොකක්ද ආණ්ඩුව කලේ ඒ වැඩ පිලිළිවෙල සම්පූර්ණයෙන්ම කපා දැම්මා.

අවුරුදු පන්සියයකට පස්සේ පරංගි ආවට පස්සේ අපේ කුලු බඩු සොයාගෙන, අවුරුදු පන්සියකට පස්සේ තමයි අපේ මහා වරාය හැදුවේ.අවුරුදු පන්සියයක් ගියා අපිට දෙවරනි වරාය හදන්න.

උතුරේ ගොවීන් ආහාර නිෂ්පාදනය කලා.මට මතකයි බණ්ඩාරණායක මැතිණිය සමග යාපනයට ගියපු කාලේ 80 ගණන් වල,එතුමියව පිළිගත්තේ ගොවිජනතාව මිරිස් ලූණු ආදී මල්මාලා පිළිගන්වලා.

මේරටේ ශශ්‍රීක පලාතක් හැටියට මේ රටේ ආහාර නිෂ්පාදනය වැඩිකලා කියල. ඒ සියල්ල විනාශ කලා උන්හිටිතැන් නැති ගොවීන් බවට ඒ පලාත් පත්කලා.

අපේ රටේ උක් ගොවිතැන අපිට ආදායමක් ගත් හැකි ලෙස බිලියන ගණන් පිටරටින් ගේන,සීනි ජාවාරම ඉදිරියේ දණ ගහන්නේ නැතිව මේ මහ පොලොවේ උක් වගාවෙන් සීනි නිෂ්පාදනය කල හැකි දේශයක් බවට පරිවර්තනය කරන්න පුලුවන් බවත් අපේ ගොවි ජනතාව ඔප්පුකරල තියෙනවා.

ඒ සදහා ලැබෙන සහයෝගය වෙනුවට සීනි ජාවාරම බවට පත්කර ගැනීමේ වෙළද ප්‍රතිපත්ත්තියකට ගමන් කිරීම නිසා අද අපි අර්බුදයකට මුහුන දෙනවා.”

Read more

Local News