ලොරි-යතුරුපැදි අනතුරකින් පුද්ගලයෙක් මරුට

Share

වැල්ලවාය මොණරාගල ප්‍රධාන මාර්ගයේ බුත්තල පැල්වත්ත ප්‍රදේශයේ දී අද(05) උදෑසන 7.00 ට පමණ සිදු වූ අනතුරකින් පුද්ගලයකු ජීවිතක්ෂයට පත් වී ඇත.

යතුරු පැදියක් තේක්ක දැව ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදු වී ඇත.

අනතුරින් මියගොස් ඇත්තේ මුතුකණ්ඩිය සියඹලාණ්ඩුව ලිපනයේ පදිංචි වයස අවුරුදු 21ක පුද්ගලයෙකි.

අධික වේගය සහ අපරීක්ෂාකාරි රිය ධාවනය අනතුරට හේතුව බව පොලිසිය පවසන අතර ලොරි රථයේ රියදුරු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

ලොරි රථයේ රියදුරු වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

අනතුර සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන බුත්තල පොලීසිය විසින් සිදු කරයි.

Read more

Local News