වැල්ලවත්තේ ගැටුම ගැන විමර්ශන ආරම්භ කරයි

Share

වැල්ලවත්ත ලක්මුතු සෙවණ නිවාස සංකීරණයේ පිරිසක් සහ පුද්ගලයින් කොන්ත්‍රාත් සමාගමක පිරිසක් අතර ඊයේ(04) රාත්‍රී සිදුවු ගැටුම සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාශය විමර්ශන ආරම්භ කර තිබේ.

පුද්ගලයන් 150 දෙනෙකු පමණ ගැටුමට සම්බන්ධ වී ඇති අතර පිරිස විසුරුවා හැරීම සඳහා කදුළු ගෑස් ප්‍රහාරද එල්ල කර තිබු බවද වාර්තා වෙයි.

සිද්ධියෙන් 09 දෙනෙකු තුවාල ලබා කළුබෝවිල රෝහලට සහ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය සඳහන් කළේය.

සිද්ධියෙන් ත්‍රිරෝද රථ 07කට, මෝටර් රථයකට සහ යතුරු පැදියකටද අලාභ හානි සිදුව ඇති අතර ගැටුමට සම්බන්ධ එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Read more

Local News