රට අද වන විට බංකොලොත් වෙලා

Share

ගමේ ජනතාව වත්මන් ආණ්ඩුව ගෙදර යැවීමට නොඉවසිල්ලෙන් බලා සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා මහතා පවසයි.

ගම්පහ ප්‍රදේශයේ දී අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියේය.

පොදු ජන පෙරමුණ ඊ කැන්වසින් ඉතා සාර්ථකව සිදු කල බවත් ඒ බව ගමට ගිය පසු දුටු බවත් පැවසු මන්ත්‍රීවරයා, ගමේ ජනතාව වත්මන් ආණ්ඩුව සමඟ කෙතරම් තරහින් සිටින වාද යන්න බලා ගත හැකි වු බවද පැවසීය.

පොහොට්ටුවේ පසුගිය දින දෙක තුළ වැඩසටහන ඉතා සාර්ථකව නිම කල බවත්, පොහොට්ටුවේ ප්‍රශ්නයක් නොමැති වුවත් එක්සත් ජාතික පක්ෂය රාජපක්ෂවරුන් අතර ප්‍රශ්න එනතුරු බලා සිටි බව ද මන්ත්‍රීවරයා මෙහිදී කියා සිටියේය.

කෙසේ වෙතත් අගෝස්තු 11 වෙනිදා මහින්ද රාජපක්ෂ මහතා පොදු ජන පෙරමුණේ නායකත්වයට පත් වීමෙන් පසුව එතුමා ජනාධිපති අපේක්ෂකයා නම් කරන බවද පැවසු නිමල් ලන්සා මහතා, ජනතාව ඉල්ලා සිටින්නේ ගෝඨාභය මහතා බැවින් නිසැකයෙන්ම මහින්ද රාජපක්ෂ මහතා ඔහුව පත් කරනු ඇතැයි බලාපොරොත්තු වන බවද පැවසීය.

ගෙයින් ගෙට යෑමේ දී මේ බව තහවුරු වු බවත්, මන්ත්‍රීවරයා, සජිත් ප්‍රේමදාස ඉදිරිපත් වීම කිසි විටෙකත් අභියෝගයක් නොමැති බවද සඳහන් කළේය.

වසර 4 හමාරක් පුරා කරූ, සජිත් හා රනිල් වික්‍රමසිංහ රටේ ජනතාවට මැජික් පෙන්නු බැවින් එහි අලුත් දෙයක් නොමැති බවද පැවසු මන්ත්‍රීවරයා, ජනතාව මේ ආණ්ඩුව ගෙදර යැවීමට එක පෙළට බලා සිටින බවද පැවසීය.

එක්සත් ජාතික පක්ෂය සන්ධාන ගත වීමට සුදානම් වන පක්ෂ මේ රට විනාශ කර ඇති අය බවද පැවසු නිමල් ලන්සා මහතා, රට අද වන විට බංකොලොත් තත්ත්වයට පත්ව ඇතැයි ද කියා සිටියේය.

එක්සත් ජාතික පක්ෂයට බලය සම්බන්ධයෙන් තියෙන පෙරේතකම් තම පක්ෂය තුළ කිසිවෙකුට නොමැති බවද ලන්සා මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

Read more

Local News