විමල්ගේ නඩුව කල් යයි

Share

මහජන පීඩාවක් සම්බන්ධයෙන් අද(05) පැවති නඩු විභාගයක් සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ මහතා සහභාගී නොවීම හේතුවෙන් සාක්ෂි විභාගය කල් තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය තීරණය කර තිබේ.

එක්සත් ජාතින්ගේ සංවිධානයේ හිටපු මහලේකම් සෙයිද් රාද් අල් හුසේන් කුමරු මෙරටට පැමිණි අවස්ථාවේ ඊට විරෝධය පළ කරමින් මහජන පීඩාවක් ඇතිවන අයුරින් උද්ඝෝෂණය කිරීම යන චෝදනා යටතේ විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙකුට එරෙහිව නඩු පවරා තිබුණි.

අද නඩුව කැඳවු අවස්ථාවේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වන පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ මහතා අසනීප තත්ත්වයක් මත සහභාගී නොවීම හේතුවෙන් නඩුව කල්තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කර ඇත.

කෙසේවෙතත් මන්ත්‍රිවරයා අද දින නඩු විභාගයට සහභාගී නොවීම සනාථ කිරීම සම්බන්ධයෙන් අධිකරණයට වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසට ද මහේස්ත්‍රාත්වරිය නියෝග කර තිබේ.

ඒ අනුව අදාළ නඩුව නොවැම්බර් මස 04 වන දින යළි කැඳවීමට නියමිතයි.

Read more

Local News