සාලින්ද දිසානායක මහතාගේ අවසන් කටයුතු බ්‍රහස්පතින්දා

Share

අභාවප්ප්‍රාප්ත කුරුණෑගල දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායක මහතාගේ දේහය අද(06) කුරුණෑගල නිවස වෙත රැගෙන යාමට නියමිතයි.

රෝගී තත්ත්වයක් හේතුවෙන් දින කිහිපයක් කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී ඊයේ(05) පස්වරුවේ ඒ මහතා අභාවප්‍රාප්ත විය.

මියයන විට 61 වන වියෙහි පසුවු සාලින්ද දිසානායක මහතා අමාත්‍යවරයෙක්, කැබිනට් නොවන අමාත්‍යවරයෙක්, නියෝජ්‍ය අමාත්‍යවරයෙක් ලෙසත් කටයුතු කර තිබේ.

දේහය පිළිබඳ අවසන් කටයුතු අනිද්දා (08දා) සිදුකිරීමට නියමිතව තිබේ.

Read more

Local News