වෑන්-ලොරි අනතුරකින් කතුන් 2ක් මරුට – ඡායාරූප

Share

වැල්ලවාය මොණරාගල ප්‍රධාන මාර්ගයේ ආනාපල්ලම හතරේ කණුව ප්‍රදේශයේ දී ඊයේ(6) පස්වරුවේ දී සිදු වූ අනතුරකින් කාන්තාවන් දෙදෙනකු ජීවිතක්ෂයට පත් වී කුඩා දියණියක ඇතුළු පස්දෙනෙකු තුවාල ලබා තිබේ.

වෑන් රථයක් සහ ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදු වී ඇති අතර අනතුරුන් මියගොස් ඇත්තේ වෑන් රථයේ ගමන් ගත් කාන්තාවක් සහ මාර්ගය අසල රැදී සිටි කාන්තාවක් බව වැල්ලවාය පොලිසිය පවසයි.

ලොරි රථය වෑන් රථයේ ගැටී මාර්ගයේ අසල සිටි කාන්තාවක් ද යට කරගනිමින් මාර්ගයේන් ඉවතට පැන ගසක හැපී තිබේ.

එම අවස්ථාවෙදී ලොරි රථයේ ගමන් කරමින් සිටි තිදෙනෙකු ද තුවාල ලබා ඇති අතර එයින් රියදුරන්ගේ තත්ත්වය බරපතළ බව සදහන්.

වෑන් රථය අනතුරට ලක් වන අවස්ථාවෙදී එහි කුඩා දරුවෙකු ඇතුළු සිවුදෙනකු ගමන් කර ඇති අතර එයින් කාන්තාවක් ජීවිතක්ෂයට පත් වී තවත් තිදෙනෙකු බරපතළ තුවාල ලබා තිබේ.

අනතුරින් තුවාල ලැබූවන් වැඩිදුර ප්‍රතිකාර සඳහා මොණරාගල රෝහලට ඇතුළත් කර ඇත.

අනතුර සම්බන්ධයෙන් විමර්ශන වැල්ලවාය පොලිසිය විසින් සිදු කරයි.

Read more

Local News