ඉන්දියාවේ හිටපු විදේශ ඇමතිනී අභවප්‍රාප්ත වෙයි

Share

ඉන්දියාවේ හිටපු විදේශ ඇමතිනී සුෂ්මා ස්වරාජ් මහත්මිය ඊයේ(06) රාත්‍රියේ අභවප්‍රාප්ත වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඊයේ රාත්‍රී 9.30ට පමණ හදිසියේ හටගත් හෘදයාබාධයක් හේතුවෙන් රෝහල්ගත කිරීමෙන් අනතුරුව සුෂ්මා ස්වරාජ් මහත්මිය මියගොස් ඇති අතර මියයන විට ඇය 67වන වියේ පසුවිය.

ඉන්දියාවේ කෘතහස්ත දේශපාලනඥවරියක් මෙන්ම හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥවරියකද වන සුෂ්මා ස්වරාජ් භාරතීය ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායිකාවක් වෙයි.

1977 වර්ෂයේ දේශපාලනයට පිවිසි ස්වරාජ් මහත්මිය ඉන්දීය රජයන්වල තනතුරු රැසක්ම හොබවා තිබේ.

හර්යානා ප්‍රාන්තය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්වූ ලාබාලම කැබිනට් අමාත්‍යවරියද වූ සුෂ්මා ස්වරාජ්, දිල්ලියේ 5වන මහඇමතිවරිය ලෙසත් කටයුතු කළේය.

2014 වර්ෂයේ සිට මේ වසරේ මැයි මස දක්වා ඉන්දීය විදේශ ඇමතිනිය ලෙසයි සුෂ්මා ස්වරාජ් මහත්මිය කටයුතු කළේය.

Read more

Local News