වෙල්ලම්බඩ වැඩබලන පොලිස් ස්ථානාධිපතිගේ වැඩ තහනම්

Share

වෙල්ලම්බඩ පොලිස්ථානයේ වැඩබලන පොලිස් ස්ථානාධිපතිවරයා වැඩ තහනමකට ලක් කර, මහනුවර පොලිස් ස්ථානය වෙත ස්ථාන මාරුවක් ලබා දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි.

වෙල්ලම්බඩ මුස්ලිම් දෙවාස්ථානයෙන් පොලිස් බාරයට ගෙන තිබු මන්නා පිහි 73ක් සහ අත්පොරොව 13ක් වෙල්ලම්බඩ වැඩබලන පොලිස් ස්ථානාධිපතිවරයා විසින් ඊයේ (06) දිනයේ නැවත භාර දිමට සුදානම් වී ඇති බැවින් ඔහුව මෙලෙස වැඩ තහනමකට ලක් කර ඇත.

මෙම ආයුධ නඩු භාණ්ඩ ලෙස නම් කර තිබු අතර එසේ තිබියදී කිසිදු ජේෂ්ඨ නිලධාරියෙකුගේ අනුදැනුමකින් තොරව මෙලෙස ඉහත සදහන් නඩු භාණ්ඩ නැවත භාර දීමට අදාල නිලධාරියා කටයුතු කර තිබේ.

එම අවස්ථාවේදි වෙල්ලම්බඩ පොලිස්ථානයේ පොලිස් ස්ථානාධිපති වෙනත් විශේෂ රාජකාරි කටයුත්තක නියැලි සිටි ඇති අතර ඒ සම්බන්දයෙන් තොරතුරු අනාවරණය වීමත් සමඟ එම නඩු භාණ්ඩ බාර දීම නවතා දමා තිබේ.

කෙසේ වෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මුලස්ථානයට සැල වීමත් සමඟ ලැබණු උපදෙස් පරිදි මහනුවර පොලිස් ස්ථානාධිපති විසින් වෙල්ලම්බඩ පොලිස් ස්ථානයට ගොස් පරික්ෂණයක් ආරම්භ කර ඇත.

ඒ අනුව වෙල්ලම්බඩ පොලිසියේ වැඩබලන පොලිස් ස්ථානාධිපති වහාම ක්‍රියාත්මකවන පරිදි මහනුවර පොලිස් ස්ථානයට ස්ථාන මරුවක් ලබා දී ඇති අතර ඔහුව රාජකාරි වැඩ තහනමකටද ලක් කර තිබේ.

Read more

Local News