නියෝජ්‍ය පොලිස්පතිවරුන් 8කට ස්ථාන මාරු

Share

නියෝජ්‍ය පොලිස්පතිවරුන් 08 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දී තිබේ.

ජාතික පොලිස් කොමිසම් සභාවේ අනුමැතිය පරිදි මෙම ස්ථාන මාරු වීම් ලබා දී ඇති බව පොලිස් මුලස්ථානය සඳහන් කළේය.

අග්‍රාමාත්‍ය ආරක්ෂක කොට්ඨාශයේ කටයුතු කළ ඒ.ජේ කරවිට මහතා, නියෝජ්‍ය පොලිස්පති ආරක්ෂක දිසාව ලෙස ස්ථාන මාරු කර ඇති අතර රාජ්‍ය බුද්ධි සේවාවේ සහකාර අධ්‍යක්ෂ ධුරයේ කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති එන්.එල්.සී සම්පත් කුමාර මහතා රාජ්‍ය බුද්ධි සේවාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස පත් කර තිබේ.

පී.එස්.එම්. ධර්මරත්න, ඩබ්ලිව්.එස්.ඊ. ජයසුන්දර, එස්.ඩබ්ලිව්.එම් සේනාරත්න, ඩී.කේ.පී කරුණානායක, එම්.එම්.සිසිර කුමාර සහ ඩබ්ලිව්.සී.කේ අලහකෝන් යන නියෝජ්‍ය පොලිස්පතිවරුන් ස්ථාන මාරුවීම් ලැබු සෙසු පිරිසට අයත්.

Read more

Local News