JMI සංවිධානයේ තවත් තිදෙනෙක් අත්අඩංගුවට

Share

ශ්‍රී ලංකාව තුළ තහනම් කෙරුණු “ජමාතේ මිලාතේ ඉබ්‍රාහිම්” (JMI) සංවිධානයේ තවත් සාමාජිකයක් තිදෙනෙක් රාජ්‍ය බුද්ධි සේවා නිළධාරින්ට ලද තොරතුරක් මත අද(07) අම්පාර පොලිස් නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති එක් පුද්ගලයෙක් වන්නේ මොහිදින් බාවා මොහොමඩ් රැම් හෙවත් අබු අක්රාන්ය.

ඔහු පොලොන්නරුව, කඳුරුවෙල ප්‍රදේශයේ හිජ්රා මාවතේ පදිංචිකරුවෙක් වන අතර මොහු ත්‍රස්ත ප්‍රහාර එල්ල කළ ප්‍රධාන සැකකරු වන සහරාන්ගේ නුවරඑළිය ප්‍රදේශයේ පැවති පුහුණු කඳවුරේ පුහුණු වීම් ලබා ඇති බව අනාවරණය වී ඇත.

එමෙන් මාවනැල්ල , දනාගම ප්‍රදේශයේ පදිංචි මොහොහඩ් රියාල් මොහොමඩ් සජිඩ් නැමැති අබු සල්මාන් නමින් හදුන්වන සැකකරුද අත්අඩංගුවට ගෙන ඇත.

මොහුද සහරාන්ගේ නුවරඑළිය ප්‍රදේශයේ පැවති පුහුණු කඳවුරේ පුහුණු වීම් ලබා ඇති බව අනාවරණය වී තිබේ.

අනෙක් සැකකරු මොහොමඩ් රම්සින් රුෂ් දී අහමඩ් නොහොත් අබු අල්වකාර් යන අයයි.

ඔහු වරකාපොල, තුල්හිරිය, නාන්හැල්ල ප්‍රදේශයේ පදිංචි කරුවෙක් වන අතර සහරාන්ගේ හම්බන්තොට ප්‍රදේශයේ පැවති පුහුණු කඳවුරේ පුහුණු වීම් ලබා ඇති බව අනාවරණය වී තිබේ.

Read more

Local News