සබරගමුව පළාත් සභාවේ සියලුම පරිපාලන කටයුතු සඳහා රාජ්‍ය නිලධාරින්

Share

පළාත් ආණ්ඩුකාර ජනාධිපති නීතීඥ මාර්ෂල් පෙරේරා මහතා සබරගමුව පළාත් සභාවේ සියලු ම අධිකාරිවල පරිපාලනමය කටයුතු සඳහා රාජ්‍ය නිලධාරින් පත්කිරීමට කටයුතු කර ඇත.
ඒ අනුව සබරගමුව පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ නව සභාපති ලෙස ප්‍රධාන අමාත්‍යංශයේ සහ ප්‍රවාහන විෂය භාර අමාත්‍යංශයේ ලේකම් ශ්‍රියානි පද්මලතා මහත්මිය පත් කර ඇත.
පළාත් ආණ්ඩුකාරවරයා විසින්  පත්කර ඇති සබරගමුව පළාත් සභාවේ සෙසු අධිකාරි සඳහා වූ සභාපතිවරු ද පත්කිරීමට නියමිතය.

Read more

Local News