මෙන්න අද කාලගුණ තත්ත්වය

Share

දිවයිනේ සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවල දැනට පවතින සුළං තත්ත්වය සහ දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වේ.

උතුරු, උතුරුමැද, බස්නාහිර, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් සුළඟේ වේගය විටින් විට පැ.කි.මී.(50-60) දක්වා වැඩිවීමේ හැකියාවක් පවතීන අතර උතුරුසහ උතුරුමැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් සුළඟේ වේගය පැ.කි.මී. 70 දක්වා ක්ෂණිකව ඉහල යාමේ හැකියාව විශේෂයෙන්ම සවස් කාලයේදී සහ රාත්‍රී කාලයේදී පවතී.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වලවිටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. මන්නාරම, යාපනයසහ අනුරාධපුර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ.

බස්නාහිර, මධ්‍යම,වයඹ සහ සබරගමුව පළාත්වලත්ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී. 100ට වැඩිතද වර්ෂාපතනයන් අපේක්ෂා කල හැක.

Read more

Local News