රන්ජන් ත්‍රිපුද්ගල කමිටුව හමුවට

Share

මහා සංඝරත්නය සම්බන්ධයෙන් පල කර ඇති ප්‍රකාශ පිළිබඳව කරුණු ඉදිරිපත් කිරීම සඳහා රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතාට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත් කළ ත්‍රිපුද්ගල කමිටුව හමුවේ අද (08) දිනයේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇත.

රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා සංඝරත්නය සම්බන්ධයෙන් දක්වා ඇති අදහස් හා ඊට සම්බන්ධව ඔහුගේ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ පල කර ඇති විඩියෝ පිළිබඳව විමර්ශනය කිරිම සදහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ තිලක් මාරපන මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කරනු ලැබුවේය.

ඒ අනුව අදාල කමිටුව විසින් එම සිද්ධිය පිළිබඳව රංජන් රාමනායක මහතාගෙන් කරුණු විමසීමට තීරණය කර ඇත.

අද පස්වරු 04.00ට අරලියගහ මන්දිරයේදි ත්‍රිපුද්ගල කමිටුව හමුවේ පෙනී සිටින ලෙස තමාට දැනුම්දීමක් සිදු කර ඇති බව රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක  මහතා සඳහන් කළේය.

විමර්ශනයෙන් අනතුරුව රන්ජන් රාමනායක මහතා සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව ත්‍රිපුද්ගල කමිටුව විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීමට නියමිතයි.

Read more

Local News