අධිකරණ අමාත්‍යවරිය හා සිංගප්පුරුවේ ඇමතිවරයෙක් අතර හමුවක්

Share

එක්සත් ජාතීන්ගේ අන්තර් ජාතික සම්මුතියක් වන අන්තර්ජාතික සමථකරණය මඟින් එකඟත්වයට පත්වීම පිළිබඳව වු ගිවිසුමට අත්සන් කිරීමට සිංගප්පුරුවට ගොස් සිටින අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය සිංගප්පුරුවේ සමාජ හා පවුල් සංවර්ධන අමාත්‍ය Desmond Lee (Minister of Social and Family Development)මහතා අතර හමුවක් ඊයේ (07) සිදු විය.

ශ්‍රී ලංකාව හා සිංගප්පුරුව අතර පවතින වෙළඳ සංස්කෘතික හා අධිකරණමය සහයෝගිතාවය වැඩි දියුණු කිරීම පිළිබඳව එහිදී අදහස් හුවමාරු කර ගෙන තිබේ.

සමථකරණය පිළිබදව අත්සන් කරන ලද නව ගිවිසුම තුළින් ශ්‍රී ලංකාවට අන්තර් ජාතික වෙළදාම ප්‍රවර්ධනය කිරීමටත් එමගින් එම වෙළදාම්හි ඇති වන ආරවුල් සමථකරණය මගින් විසදීමටත් එමෙන්ම යුක්තිය සඳහා ප්‍රවේශය ශක්තිමත් කිරීමටත් ගෝලීය වාණිජ ක්‍රමය වඩාත් ශක්තිමත් නීති මත පදනම් වු ක්‍රමවේදයක් තුළ තිරසාර සංවර්ධනය වඩාත් ක්‍රමවත්ව ක්‍රියාත්මක කිරීමට හැකියාව ලැබෙන බව මෙහිදී අමාත්‍යවරිය අවධාරණය කර ඇත.

එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර වෙලඳ  නීතිය පිළිබද කොමිසම (UNCITRAL) හා සිංගප්පුවේ නීති කටයුතු අමාත්‍යාංශය විසින් මෙම සමුළුව සංවිධානය කර තිබු අතර සමුළුව 2019.08.6 සහ 7 යන දෙ‍දින තුළ පැවැත්විණි.

Read more

Local News