මට හතුරුසිංහ එක්ක පුද්ගලික තරහක් නෑ – හරීන්

Share

2016-2018 තෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මූල්‍ය ගණුදෙනු ගැන කරන ලද වෝහාරික විගණන වාර්තාවේ කෙටුම්පත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත යොමු කළ බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

අදාළ විගණන වාර්තාවේ කෙටුම් පත ඊයේ(07) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත යොමු කළ බව අමාත්‍යවරයා සඳහන් කළේය.

අද(08) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා මේ බව පැවසීය.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වන චන්දික හතුරුසිංහ මහතා සමඟ තමා පුද්ගලික තරහක් නොමැති බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.

අමාත්‍යවරයා පවසන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රිඩකයින්ඩ ඔවුගේ දක්ෂතා අනුව වැටුප් ගෙවන්නේ නම් පුහුණුකරුටද එලෙසම සිදු කළ යුතු බවයි.

Read more

Local News