ශ්‍රීලනීපය ජනපතිවරණයට තනිව තරඟ කළ යුතුයි

Share

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජනාධිපතිවරණය සඳහා තනිව තරග කළ යුතුයැයි මතයක නොසිටින බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් මහින්ද අමරවීර මහතා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ අද (08) පැවති මාධ්‍ය හමුවකදීයි.

එක්සත් ජනතා නිදහස් සංධානය සමඟ එකඟතාවයෙන් කටයුතු කරන පක්ෂ 18ක නියෝජිතයින් සමඟ පසුගිය දා සාකච්ඡා කළ බවද මන්ත්‍රීවරයා එහිදි පැවසීය.

මැතිවරණ ජය ගැනීම සඳහා නිවැරදී කණ්ඩායමක් සදා ගැනීම තම පක්ෂයේ බලාපොරොත්තුව බවද මන්ත්‍රීවරයා එහිදි ප්‍රකාශ කළේය.

ඉදිරියේදි ජනාධිපතිවරණයක් තිබෙ නම් ඒ සඳහා තරඟ වැදීම සඳහා සංධානයක් ගොඩ නැගිය යුතු බව තම පක්ෂය විශ්වාස කරන බවත් තනිවම තරඟ කළ යුතුයු යනුවෙන් තම පක්ෂය නොසිතන බවත් ඒ මහතා සඳහන් කරයි.

එහිදි අදහස් දැක්වු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමඟ මේ වන විට සාකච්ඡා පැවැත්වෙන බවත් එහිද යම් එකඟතාවයක් ඇති වෙමින් පවතින බවයි.

නමුත් කිසිදු විටකදි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනත් පක්ෂයක් ඉදිරියේ හැල්ලුවට ලක් වීමට ඉඩ නෙිතබන බවද මන්ත්‍රීවරයා එහිදි අවධාරණය කළේය.

මේ අතර ජේ.ආර් ජයවර්ධන හිටපු ජනාධිපතිවරයාගේ මුණුබුරා වන , ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නැගෙනහිර කොළඹ ආසන සංවිධායක ප්‍රදීප් ජයවර්ධන මහතා මේ මාධ්‍ය හමුවට එක්වෙමින් පැවසුවේ අද එක්සත් ජාතික පක්ෂය තුළ ජේ.ආර් ජයවර්ධන ප්‍රතිපත්ති නොමැති බවයි.

එහිදි ඔහු පැවසුවේ ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා කිසිදු විටකදි ජාතික සම්පත් විකිණීම සඳහා ලංකාවේ විවෘත ආර්ථිකය විවෘත නොකළ බවයි.

නමුත් වර්ථමානයේ එක්සත් ජාතික පක්ෂය තීන්දු ගන්න් ඕනෑම දෙයක් වීකිනිමට හැකි යැයි සිතමින් බවයි.

එමෙන්ම ජේ.ආර්. ජයවර්ධන මහතා මධ්‍යස්ථ මතධාරියෙක් බවත් රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා නව ලිබරල්වාදියෙක් බවත් පැවසමින් ඒ මහතා කියා සිටියේ රනිල් වික්‍රමසිංහ මහතාගේ අදහස් එක්සත් ජාතික පක්ෂ ප්‍රතිපත්තිවලින් බැහැර ගියපු ඒවා බවයි.

Read more

Local News