වැල්ලවායේ රිය අනතුරකින් දෙදරු පියෙක් මරුට

Share

වැල්ලවාය මොණරාගල ප්‍රධාන මාර්ගයේ යාලබෝව ප්‍රදේශයේ දී ඊයේ(08) දින සිදු වූ අනතුරකින් පුද්ගලයකු ජීවිතක්ෂයට පත් වී ඇත.

ලොරි රථයක් සහ යතුරු පැදියක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදු වී ඇති අතර අනතුරින් තුවාල ලැබූ යතුරුපැදිකරු වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ ආදාවෙලයාය, හඳපානාගල ලිපනයේ පදිංචි වයස අවුරුදු 35ක් වන එච්.කේ රසික චමින්ද නැමති දෙදරු පියෙක් බව පොලීසිය පවසයි.

ලොරි රථයේ රියදුරු වැල්ලවාය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර අනතුර සම්බන්ධයෙන් විමර්ශන වැල්ලවාය පොලීසිය විසින් සිදු කරයි.

Read more

Local News