ගණිකා නිවාසයක් වටලා 4ක් අත්අඩංගුවට

Share

ගල්කිස්ස ප්‍රදේශයේ සම්බාහන මධ්‍යස්ථානයක මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා තිබේ.

එහි කළමණාකරු හා ගණිකා වෘත්තියේ යෙදීමට රැඳී සිටි සැකකාරියන් තිදෙනෙකු මෙම වැටලීමේ දී අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු වයස අවුරුදු 35ක අයෙක් වන අතර සැකකාරියන් වයස අවුරුදු 22, 34, 36 යන වයස්වල පසුවන්නන් බව පොලීසිය පවසයි.

මෙම පිරිස අද(09) ගල්කිස්ස ගරු මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර ගල්කිස්ස පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Read more

Local News