මේ වසර අවසානයේ දී මත්ස්‍ය අපනයනය සියයට 44%ක් දක්වා වර්ධනයක්

Share

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ වැයශීර්ෂ විවාදයේ අඳහස් දක්වමින් අද (5) පාර්ලිමේන්තුවේ දී ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසුවේ,

ඉන්දියානු ධීවර ගැටළුව හා යුරෝපා මත්ස්‍ය තහනම අපට විසඳා ගැනීමට තිබුණු විශාල ප්‍රශ්න දෙකයි. යුරෝපා මත්ස්‍ය තහනම ඉවත් කිරීම නිසා විශාල මත්ස්‍ය අපනයක් ලබාගන්න හැකි වුණා. මේ වසර අවසානයේ දී මත්ස්‍ය අපනයනය සියයට 44%ක් දක්වා වර්ධනයක් ළඟා කරගන්න හැකි වෙන බව විශ්වාස කරනවා.

ඉන්දීය ධීවර ගැටළුව ප්‍රශ්නය, මෙය පරිසර විරෝධි, නීති විරෝධී කාර්යයක්. මේ කාර්යය නතර කිරීමට පියවර ගෙන තිබෙනවා. යාත්‍රා අත්අඩංගුවට ගැනීමට කටයුතු කළා. ඒ නිසා  ඉන්දීය ධීවර යාත්‍රා පැමිණීම සියයට 50%ක් අඩු වී තිබෙනවා. ඉන්දීයව සමඟ මේ ගැටළුව සුහඳව විසඳා ගන්නයි බලාපොරොත්තු වෙන්නේ.

ඉතිහාසයේ වැඩිම මුදල ධීවර අමාත්‍යාංශයට ලබා දුන්නා. කළපු 116 සංවර්ධනයට වෙනම ව්‍යාපෘතියක් ආරම්භ කරනවා. රුපියල් මිලියන 1000ක් ලැබී තිබෙනවා. දැනට කලපු 10ක් සංවර්ධනය කරන්න බලාපොරොත්තු වෙනවා. මේ තුළින් විශාල මත්ස්‍ය අස්වැන්නක් ලබාගැනීමට ලබාපොරොත්තු වෙනවා. පරිසරයට හිතකාමි අන්දමින් ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. ධීවර ජනතාව ශක්තිමත් කරන්න කටයුතු කරනවා. ධීවරයාට ගෞරවනීය තත්ත්වයක් ලබාදීමට කටයුතු කරනවා. ඔවුන් ව්‍යවසායකයන් බවට පත් කළ යුතුයි. ජාතික ධීවර ප්‍රතිපත්තියක් ලබන වසර මුලදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. ලබන සතියේ හම්බන්තොට ලංකාවේ පළමු ක්‍රෑබ් සිටි එක ආරම්භ කරනවා යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

Read more

Local News