මුහුදු ගිය ධීවර බොට්ටුවක් පෙරළී 2ක් අතුරුදන්

Share

පමුණුගම පොලිස් වසමේ තල්දියවත්ත ධිවර තොටුපලින් මුහුදු ගිය ධීවර දෙදෙනෙකු අතුරුදන්ව තිබේ.

ඔවුන් ගමන් කළ බොට්ටුවක් පෙරලීමෙන් එම ධීවරයින් දෙදෙනෙකු අතුරුදන්ව ඇති බව පොලීසිය පැවසුවේය.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ උස්වැටකෙයියාව ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි සහ වත්තල ප්‍රදේශයේ පදිංචි 58 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකු බව පොලිසිය පවසයි.

අනතුරට ලක්වූ බෝට්ටුව වෙනත් ධිවරයින් පිරිසක් විසින් ගොඩබිමට රැගෙනවිත් ඇත.

පමුණුගම පොලීසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.

Read more

Local News