හක්මන ග්‍රාමීය බැංකුවක් කොල්ලකයි

Share

හක්මන පොලිස් වසමේ බෙලිඅත්ත මාර්ගයේ ගම්මැදපිටිය ප්‍රදේශයේ පිහිටි ග්‍රාමීය බැංකුවක් කොල්ලකා තිබෙන බව පොලීසිය පැවසීය.

සම්පුර්ණයෙන් මුහුණු ආවරණය වන පරිදි හිස් වැසුම් පැලඳ යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් කොල්ලකෑම සිදුකර පලා ගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

එහිදී ඔවුන් විසින් ගිනි අවි පෙන්වා බැංකුවේ සේවකයින් බියගන්වමින් රුපියල් එක්ලක්ෂ හෑත්තෑ එක්දහස් පනහක මුදලක් කොල්ලකා තිබේ.

එමෙන්ම සැකකරුවන් එම බැංකුවේ සවිකර තිබු සී.සී.ටී.වී කැමරා පද්ධතියේ කොටසක්ද ගලවාගෙන ගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය.

සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා හක්මන පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Read more

Local News