ත්‍රිරෝද-ලොරි අනතුරකින් අයෙක් මරුට තිදෙනෙක් රෝහලේ

Share

අවිස්සාවේල්ල, තල්දුව – අමිතිරිගල මාර්ගයේ සිදුවු රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තවත් තිදෙනෙකු තුවාල ලබා ඇත.

ත්‍රිරෝද රථයක් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි ලොරි රථයක ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලීසිය පැවසුවේය.

අනතුරින් බරපතල තුවාල ලැබු ත්‍රිරෝද රථයේ රියදුරු, ඔහුගේ බිරිඳ සහ දියණියන් දෙදෙනා අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කර ඇත.

එහිදී 53 හැවිරිදි දෑල, කුකුළුගල ප්‍රදේශයේ පදිංචිව සිටි ත්‍රිරෝද රථයේ රියදුරු මියගොස් ඇත.

තුවාල ලැබු ඔහුගේ බිරිඳ සහ දියණියන් දෙදෙනා අවිස්සාවේල්ල රෝහලේ ප්‍රතිකාර ලබන බව සඳහන්.

අවිස්සාවේල්ල පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

Read more

Local News