කොම්පඤ්ඤ වීදියේ පහරදීමකින් පුද්ගලයෙක් මරුට

Share

කොම්පඤ් වීදිය පොලිස් වසමේ, මුත්තයියාපාර, කොළඹ 2 යන ප්‍රදේශයේ දී අද(12) පාන්දර දෙපාර්ශවයන් අතර ඇති වු ආරවුලක් හේතුවෙන් පහරදීමකින් පුද්ගලයෙකු මිය ගොස් තිබේ.

පහර දීමෙන් තුවාල ලබා ප්‍රතිකාර සඳහා කොල්ලුපිටියේ පුද්ගලික රෝහලකට ඇතුළත් කිරීමේ දී මෙම පුද්ගලයා මිය ගොස් ඇති බව පොලීසිය පවසයි.

මෙසේ මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 47 ක් වු හල්කඳවල, රාගලවෙල, පායාගල ලිපිනයේ පදිංචි නිමල් අනගි අත්තගේ යන අයෙකි.

මරණකරු කොම්පඤ්ඤ වීදියේ ස්ටැපල් වීදියේ ප්‍රදේශයේ රූපලාවන්‍යාගාරයක කළමනාකරු වශයෙන් සේවය කළ අයෙකු වෙයි.

ඔහු තම මිතුරිය සමඟ මෝදර ප්‍රදේශයේ සිට මධ්‍යම රාත්‍රීයේ ත්‍රීරෝද රථයකින් ඉහත ස්ටැපල් වීදියේ රූපලාවන්‍යාගාරය අසලට පැමිණ සිටිය දී එම ස්ථානයෙන් ගමන් කළ තරුණයින් 5 දෙනෙකු විසින් මරණකරු සමඟ පැමිණි ඔහුගේ මිතුරියට උසුළු විසුළු කර ඇත.

මේ හේතුවෙන් ඇති වු ආරවුල මත අදාළ තරුණයින් 5 දෙනා විසින් මොහුට පහර දීමක් සිදු කර මුත්තයියා පාර ප්‍රදේශයට දිවගොස් ඇත.

එම අවස්ථාවේ දී මරණකරු තම මිතුරිය ද සමඟ ඔවුන් පැමිණි ත්‍රීරෝද රථයෙන්ම මෙම තරුණයින් දිවගිය ප්‍රදේශයට ගොස් ඇත.

එහිදී මෙම මරණකරු හා තරූණයින් අතර නැවත ගැටුමක් ඇතිව සිදුකල පහර දීමෙන් මෙම පුද්ගලයා තුවාල ලබා ඇතැයි පොලීසිය පවසයි.

සැකකරුවන් කොම්පඤ්ඤ වීදිය පොලිස් ස්ථානය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (12) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර කොම්පඤ්ඤ වීදිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Read more

Local News