පස් කඳු කඩා වැටීමෙන් වතු නිවාස හතරකට හානි – ඡායාරූප

Share

මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් වල පිහිටි ජල පෝෂක ප්‍රදේශවලට අද(12) අලුයම සිට ඇද හැලෙන අධික වර්ෂාවත් සමඟ හැටන්  දික්ඔය ඔටරි වතුයායේ වතු නිවාස පෙලක් මත විශාල පස් කන්දක් කඩා වැටිමෙන් නිවාස දෙකකට අලාභ හානි සිදු වි ඇත.

පවතින අධික වර්ෂාවත් සමඟ නිවස පිටුපස පිහිටි විශාල පස් කන්ද මෙසේ කඩා වැටුණු බව එම නිවාස වල පදිංචිකරුවන් පවසයි.

පස් කන්ද කඩා වැටිමෙන් කිසිවෙකුටත් අනතුරක් සිදු වි නොමැති නමුත් නිවාස දෙකට සහ එම නිවාස වල තිබු පෞද්ගලික බඩු බාහිරාදිය විනාශ වි ඇත.

එම නිවාස දෙකේ පදිංචි පවුල් දෙකකට අයත් සමාජිකයන් 10 දෙනෙකු පමණ ඔහුන්ගේ ඥාති නිවාස වල තාවකාලිකව නතර වී සිටී.

මේ අතර දිඹුල පොලිස් වසමට අයත් කොටගල මේෆිල්ඩ් වතුයායේ වතු නිවාස දෙකක් මතට විශාල පස් කන්දක් සමඟ ගලක් කඩා වැටිමෙන් එම නිවාස වල මුළුතැන්ගේ සිටි කාන්තාවන් දෙදෙනෙකු තුවාල ලබා දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කර ඇති බව දිඹුල පොලිසිය පැවසිය.

අද පස්වරු 1.00 ට පමණ පස් කන්ද සහ ගල කඩා වැටුණු බවයි එම නිවාස වල පදිංචිකරුවන් කියා සිටියේ.

පස් කන්ද සහ ගල කඩා වැටිමෙන් නිවාස දෙකෙහි මුළුතැන්ගෙවල් දෙකට දැඩි අලාභ හානි සිදු වි තිබෙන අතර සිද්ධිය සම්බන්ධයෙන් දිඹුල පොලිසිය ද පරික්ෂණ පවත්වයි.

Read more

Local News