එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ක්‍රියාකාරීන් පිරිසක් සහ සෞඛ්‍ය අැමති අතර සාකච්ඡාවක්

Share

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ක්‍රියාකාරීන් පිරිසක් සහ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා අතර අද (05) පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සාකච්ඡාවක් පැවැත්විණි. මෙහිදී බන්ධනාගාර සෞඛ්‍ය සේවාව සහ මානසික සෞඛ්‍ය සේවාව පිළිබදව සාකච්ඡා කරන ලදි.

මානසික රෝගීන්ට ප්‍රතිකාර කරන ක්‍රමවේදය, බන්ධනාගාර ගතවන රැදවූවන්ට ප්‍රතිකාර කරන ක්‍රමවේද සහ පුනරුත්ථාපනය කිරිම පිළිබදව ද මෙහිදී සාකච්ඡා කළ අතර, සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන් ඒ පිළිබදව කරුණු පැහැදිලි කරන ලදි. සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබදව සතුටට පත් එම කමිටු සාමාජිකයින් ඒ පිළිබදව වාර්තාවක් සකස් කිරීමට ද නියමිතය.

මෙම අවස්ථාවට සෞඛ්‍ය ලේකම් ජනක සුගතදාස, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ද එක්ව සිටියහ.

Read more

Local News