අද ඉන්ධන මිල සංශෝධනය වෙයි

Share

ඉන්ධන මිල සංශෝධනය අද දිනයේ සිදුවීමට නියමිත බව මුදල් අමාත්‍යංශය පවසයි.

මිල සූත්‍රයට අනුව සෑම මසකම 10 වන දා ඉන්ධන මිල සංශෝධනය කෙරේ.

මුදල් අමාත්‍යංශය පැවසුවේ, පසුගිය 10 වන දා සෙනසුරාදා දිනයක් බැවින් එය අද දිනය දක්වා කල් දැමීමට පියවර ගත් බවයි.

කෙසේ වෙතත් මේ මාසයේ මුල් සතියේ ජාත්‍යන්තර වෙළෙඳපොළේ තෙල් මිල ගණන් පහත වැටී ඇතැයි මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය.

Read more

Local News