හැමිල්ටන් ඇලට ලොරියක් පෙරළෙයි

Share

කුඩා ප්‍රමාණයේ ලොරි රථ දෙකක් සහ යතුරු පැදියක් එකිනෙක ගැටීමෙන් එක් ලොරියක් හැමිල්ටන් ඇලට පෙරළීමෙන් සිදුවී ඇති අනතුරකින් එක් අයෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා මාරවිල මූලික රෝහලට ඇතුළත් කර ඇත.

අප වාර්තාකරු පැවසුවේ ඊයෙ (12) මෙම අනතුර සිදුවී ඇති බවයි.

අනතුරින් තුවාල ලබා ඇත්තේ යතුරු පැදියේ ගමන් කරමින් සිටි අය බව මාරවිල පොලීසිය පවසයි.

නාත්තන්ඩිය – දංකොටුව මාර්ගයේ මෙම අනතුර සිදුවී තිබුණි.

දංකොටුව දෙස සිට නාත්තන්ඩිය දෙසට පැමිණ ඇති යතුරු පැදියක් එක් වරම මාර්ගයේ ආපසු හැරවීමට උත්සාහ කර ඇත.

එම අවස්ථාවේදී දංකොටුව දෙස සිට පැමිණ ඇති කුඩා ප්‍රමාණයේ ලොරියක යතුරු පැදිය ගැටී තිබේ.

ඒ සමගම නාත්තන්ඩිය දෙස සිට පැමිණ ඇති ලොරියක්ද දංකොටුව දෙස සිට පැමිණි ලොරියේ ගැටී ඇති අතර පසුව එක් ලොරියක් හැමිල්ටන් ඇලට පෙරළී ගොස් තිබේ.

හැමිල්ටන් ඇලට වැටී තිබුණු ලොරිය ගොඩට ගැනීම සඳහා පැය කීපයක් උත්සාහා කිරීමට පොලීසියට සිදු විය.

මෙම තත්ත්වය නිසා නාත්තන්ඩිය – දංකොටුව මාර්ගයේ ගමනා ගමන කටයුතු වලටද පැය කීපයක් බාධා එල්ල විය.

අනතුරට සම්බන්ධ ලොරි රථ දෙකෙහිම රියදුරන්ව මාරවිල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන  තිබේ.

මාරවිල පොලීසියේ රථ වාහන අංශය වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි.

Read more

Local News