බඹර කූඩුවක් කැඩීමට ගිය හමුදා සෙබළෙකු මරුට

Share

දියතලාව යුද හමුදා කඳවුරට අනුයුක්තව සේවය කළ සෙබළෙක් බඹර කූඩුවක් කැඩීමට ගසකට නැගි අවස්ථාවේ ගසින් බිමට ඇද වැටී මියගොස් ඇත.

කඳවුරේ අවසරය මත සිය නිවාඩු කාල සීමාව තුළ නිවසට ගොස් සිටියදී මෙම සෙබලා මෙලෙස මිය ගොස් ඇත්තේ.

මෙම සෙබලා ඊයේ (12) සිය ගෙවත්තේ ගසක තිබූ බඹර කූඩුවට කඩා දැමීම සඳහා රාත්‍රී 7ට පමණ ගසකට නැග ඇත.

එහිදි හමුදා සෙබළා ගසින් බිමට වැටි මිය ගොස් තිබේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ වැලිමඩ කැප්පිටිපොල පදිංචි ව සිටි 32 හැවිරිදි පුද්ගලයෙක්.

මේ සම්බන්ධයෙන් වැලිමඩ පොලිසිය විමර්ශන සිදුකරයි.

Read more

Local News