පාකිස්ථානයේ පාසල් ගොඩනැගිල්ලක වහලක් කඩා වැටී 34දෙනෙකු මරුට

Share

පාකිස්ථානයේ වයඹදිග Peshawar නගරයේ පාසලක වහලක් කඩා වැටීමෙන් සිසුන් 33 දෙනෙකු සහ ගුරුවරයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව රෝහල් බලධාරීහු පවසති. තවත් සිසුන් ඇතුළු පිරිසක් තුවාල ලබා ඇති අතර, කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතළ බව වාර්තා වේ.
Dir Colony ප්‍රදේශයේ පිහිටි Al-Khair පෞද්ගලික පාසලේ මෙම අනතුර සිදුව ඇත.ප්‍රදේශවාසීන් සහ සහන සේවකයන් එක්ව සුන්බුන් අතර සිරවූ දරුවන් මුදාගැනීමට කටයුතු කර ඇත. පාසල් ගොඩනැගිල්ල තාවකාලිකව ඉදිකර තිබූ බවත්, වහලයේ කොන්ක්‍රීට් පුවරු ප්‍රමිතියෙන් තොර බවත් හදිසි සහන බලධාරීහු සඳහන් කළහ. පාසලේ හිමිකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, ගොඩනැගිලි ඉදිකිරීමේ නීති හා ප්‍රමිතීන් උල්ලංඝනය කර තිබේද යන්න සොයා බැලීම සඳහා පුළුල් විමර්ශනයක් සිදු කරන බව පොලිසිය පවසයි.

Read more

Local News