කසළ බැහැර කිරීම නිසා කොළඹ අක්කර 100කට වඩා විනාශ වෙලා

Share

අවිධිමත් ලෙස කසළ බැහැර කිරීම හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ ඉඩම් අක්කර 100ට වඩා විනාශ වී ඇති බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

මෙලෙස කසළ පිරවීමෙන් වටිනා ඉඩම් විනාශ කර දැමීම නිසා රුපියල් බිලියන ගණනක අලාභයක් සිදුව ඇති බවත්, විශාල පරිසර හානියක් සිදුව ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

කිසිම තැකීමකින් තොරව තෙත් බිම්වලට කසළ බැහැර කිරීමෙන් සිදුව ඇති පරිසර හානියද අතිවිශාල බවත්, තවදුරටත් එම විනාශයන් සිදුවීමට ඉඩ දිය නොහැකි බවත් ඒ මහතා සඳහන් කළේය.

මේ හේතුවෙන් බ්ලූමැන්ඩල්, සේදවත්ත, කරදියාව, මීතොටමුල්ල ආදී කොළඹ දිස්ත්‍රික්කයේ ඉඩම් රැසක් විනාශ වී ඇති බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

කොළඹ කසළ ප්‍රශ්නයට විසඳුම වගුරු බිම් ගොඩකිරීම නොවන බවත්, ඒ වෙනුවෙන් විද්‍යාත්මක ගොඩනැගු අරුවක්කාලු කසළ අංගණය භාවිත කළ යුතු බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

එසේම අරුවක්කාලු කසළ අංගණයේ පළමු අදියර යටතේ කිසිදු බාධාවකින් තොරව වසර 15ක් දක්වා කසළ බැහැර කළ හැකි බවත්, එහි ඉතිරි අදියර දෙක අවසන් වීමෙන් පසුව වසර 80ක් දක්වා කසළ බැහැර කිරීමට හැකියාව ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Read more

Local News