2020 ජනපතිවරයා පත් කරන්න ශ්‍රිලනිපයේ සහය අවශ්‍යයි

Share

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහාය නොමැතිව 2020 ජනාධිපතිවරයා පත් කළ නොහැකි බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පවසයි.

අනුරාධපුරයේ පැවති ජනහමුවකදී ඔහු මේ පිළිබඳව අදහස් පළ කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පවසා සිටියේ ඉදිරි ජනාධිපතිවරණයේදී තීරණාත්මක සාදකය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බවයි.

පොදුජන පෙරමුණට හෝ එක්සත් ජාතික පක්ෂයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහාය නොමැතිව ජනාධිපතිවරයෙක් හැදිය නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා සඳහන් කර සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පොහොට්ටුවට දියකර හැරීමට ඉඩ නොතබන බවයි.

Read more

Local News