2020 වර්ෂයේ මුල් මාස 04ක කාලය සඳහා රජය පවත්වාගෙන යාමට අවශ්‍ය වන වියදම් ඇතුළත් කරමින් අතුරු සම්මත ගිණුමක් සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගැනීමට මුදල් අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිවී ඇත.
මෙම වසර අගදී ජනාධිපතිවරණය පැවැත්වීම සහ ලබන වසරේදී තවත් මැතිවරණ කිහිපයක් පැවැත්වීමට නියමිතව තිබීම ඊට හේතුව වී ඇති බව සඳහන් වෙයි.
මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ඊයේ (13) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමට මීට අදාල කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබේ.