ලංකාවට ස්ථාවර වෙන්න යුරෝපා සංගමයෙන් යුරෝ මිලියන 8.5ක්

Share

ශ්‍රී ලංකාව තුළ සාමය සහ ස්ථාවාරත්වය ගොඩනැංවීම සදහා ගෙනයන වැඩපිළිවෙලට සහයෝගය පල කිරීම සදහා යුරෝපා සංගමය විසින් යුරෝ මිලියන අටයි දශම පහක මුදලක් ලබාදීමට තීරණය කර තිබේ.

මෙරට ප්‍රචණ්ඩ අන්තවාදය වැළැක්වීම, ප්‍රජා ප්‍රතිරෝධය ගොඩනැගීම, අභ්‍යන්තර අවතැන්වූවන් සහ සරණාගතයින්ට නැවත සිය භූමි වෙත පැමිණීමට අවශ්‍ය දායකත්වය ලබාදීම යන ක්‍රියාමාර්ග සදහා මෙම ආධාර ලබාදීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.

නිවේදනයක් නිකුත් කරමින් යුරෝපා සංගමය පෙන්වා දෙන්නේ විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන සහ යුරෝපා සංගයේ උප සභාපති ෆෙඩ්රිකා මොගෙරනී අතර මේ මස මුල පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම ආධාර මුදල බාදීමට තීරණය කර ඇති බවයි.

පාස්කු ඉරුදින ප්‍රහාරය වැනි ත්‍රස්ත ප්‍රහාරය වැලැක්වීම සහ අදාළ ප්‍රහාරයෙන් විපතට පත්වූවන්ට සහන සැලසීම වැනි අභියෝගවලට ශ්‍රී ලංකාව මුහණ දී සිටින බව යුරෝපා සංගමය පවසයි.

එමනිසා කොමිෂන් සභාව විසින් යුරෝ  මිලියන අටයි දශම පහක මුදලක් මූලික අරමුණු 03ක් යටතේ ශ්‍රී ලංකාවට ලබාදීමට තීරණය කර ඇති බව අදාළ නිවේදනයේ සඳහන් වෙයි.

Read more

Local News