දිවයින පුරා සිදු කරන ලද විශේෂ රථ වාහන මෙහෙයුම මඟින් මේ වන විට බීමත් රියදුරන් 8717ක් අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලීසිය සඳහන් කළේය.
පසුගිය 2019.07.05 දින සිට අද (15) දක්වා සිදුකළ විශේෂ මෙහෙයුමකින් මෙම රියදුරන් අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ (14) උදෑසන 6.00 සිට අද උදෑසන 6.00 දක්වා පැය 24 කාලය තුළ බීමත් රියදුරන් 82ක් අත්අඩංගුවට ගෙන ඇත.