සැක කටයුතු ලෙස පිලිස්සුණු මළ සිරුරක් සොයා ගැනේ

Share

නිට්ටඹුව, කහටඕවිට ප්‍රදේශයේ තිබී සැක කටයුතු ලෙස පිලිස්සී මියගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයාගෙන තිබේ.

නිට්ටඹුව පොලිසියට ලද තොරතුරක් මත මෙම මළ සිරුර සොයාගෙන ඇත.

මියගොස් ඇත්තේ නිට්ටඹුව, කහටඕවිට ප්‍රදේශයේ පදිංචිව සිටි 46 හැවිරිදි පුද්ගලයෙකු බවට අනාවරණය වී තිබේ.

පොලිසිය සඳහන් කළේ, එම පුද්ගලයා මියගොස් සිටි ස්ථානය අසල තිබී ගිනි දල්වනයක් සහ භූමිතෙල් සහිත බදුනක් ද සොයාගත් බවයි.

මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන නිට්ටඹුව පොලිසිය සිදු කරයි.

Read more

Local News