අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් රැසක් පීඩාවට

Share

අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයකට නිකුත් කර ඇති නායයෑම් පිළිබඳ අනතුරු ඇඟවීම අද(15) රාත්‍රී දක්වා බලපැවැත්වෙන බව අපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි.

අපදා කළමණාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ අයහපත් කාලගුණය හේතුවෙන් මේවන විට පුද්ගලයින් 11857 දෙනෙකු පීඩාවට පත්ව ඇති බවයි.

නිරිතදිග මෝසම තවදුරටත් සක්‍රීයව පැවතීම හේතුවෙන් ප්‍රදේශ රැසකට ඇද හැලුණ වර්ෂාව මේ වන විට පහව යමින් පවතී.

වර්ෂාවත් සමඟ පිටාර මට්ටමට ආසන්නව පැවති කැලණි, ගිං, කළු සහ නිල්වලා යන ගංගාවල ජල මට්ටම් ද ක්‍රමයෙන් පහත බසිමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මෙම අයහපත් කාලගුණය හේතුවෙන් වැඩිම බලපෑමක් එල්ලවී ඇත්තේ ගම්පහ දිස්ත්‍රක්කයටයි.

Read more

Local News