පළාත් සභා ඡන්දය පැවැත්විය හැකිදැයි විමසීමට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක්

Share

පළාත් සභා ඡන්දය පැවැත්විය හැකි ද? යන්න පිළිබඳව විමසා බැලීම සඳහා අගවිනිසුරුවරයාගේ සභාපතිත්වයෙන් යුත් පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් පත් කර තිබේ.

සීමා නිර්ණ වාර්තාව මෙතෙක් ඉදිරිපත් වී නොමැති නිසා පළාත් සභා ඡන්දය පැවැත්විය හැකි ද? යන්න පිළිබඳව ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසා සිටියේ ය.

ඒ අනුව ලබන 23 වන දා අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෲ, ප්‍රසන්න ජයවර්ධන හා විජිත් මලල්ගොඩ යන පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ එය සලකා බැලීමට නියමිතයි.

මේ සම්බන්ධයෙන් ලිඛිත දේශන ඇත්නම් ලබන 21 වන දාට පෙර ඒවා ඉදිරිපත් කරන ලෙස ද අගවිනිසුරුවරයා නීතිඥ සංගමයේ සභාපතිවරයාට දැනුම් දී තිබේ.

ජනාධිපතිවරයා අගවිනිසුරුවරයාට පසුගිය දා දැනුම් දුන්නේ පළාත් සභා ඡන්දය පැවැත්විය හැකි ද? යන්න පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ මතය ලබන 30 වනදාට පෙර දැනුම් දෙන ලෙසයි.

Read more

Local News