සමාජයේ බොහෝ දේ පිරිහී ඇති බව කාදිනල් හිමි කියයි

Share

වර්තමානය වනවිට සමාජයේ බොහෝ දේ පිරිහීමට ලක්ව ඇති බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි.

කොළඹ පැවති උත්සවයකට එක්වෙමින් අගරදගුරුතුමන් මේ බව සඳහන් කළේය.

ආගමික ජීවිතයට ඇති ලැඳියාව දුර්වල වී ඇති බවත්, අද වනවිට ආගමික නායකයිනගේ ආදර්ශයද ශක්තිමත් මට්ටමක නොමැති බවයි උන්වහන්සේ වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

ආගමික නායකයින් පමණක් නොව සමාජයේ බොහෝ දේ පිරිහී ඇති බවත් ආගමික වශයෙන් ආත්මාර්ථකාමීත්වයට ඉඩදෙන පරිසරයක් බිහිවී ඇති බවත් උන්වහන්සේ පෙන්වා දුන්නේය.

අද මිනිසුන්ගේ ප්‍රතිපත්තිය බවට පත්ව ඇත්තේ හැකිතාක් ධනය ඉපයීමට යොමුවීම බවත් අපරාධ රට තුළ වැඩි වී ඇති බවත් කාදිනල් හිමි ප්‍රකාශ කර සිටියි.

මේ සඳහා සියලු දෙනා තමන්ට පැවරෙන වගකීම පිරිසිදුව කැපවීමෙන් කළ යුතු බවත් මුදල් හෝ දේශපාලන බලය බලාපොරොත්තුවෙන් කටයුතු නොකළ යුතු බවත් කාදිනල් හිමි වැඩිදුරටත් පෙන්වා දෙයි.

Read more

Local News